කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලෙසින් අද (03) බංග්ලාදේශ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර පැවති තරගය ලකුණු 16කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 119ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා ස්කොට්ලන්තයට පිළිතුරු ඉනිම සඳහා ලකුණු 120ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 103ක් පමණයි.