ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා.

ඒ අනුව, පවතින මිල ගණන් එලෙසම පවතිනු ලබනවා.

අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූයේ පසුගිය ජුනි මාසයේ දීයි.

එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් අඩු කළ අතර එහි මිල රුපියල් 3,680 ක් ලෙස මෙම මාසයේ දී ද අළෙවී කිරීම සිදු කරනවා.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 65කින් අඩු වී ඇති අතර, එය රුපියල් 1,477 ලෙසයි අළෙවි වන්නේ.

එමෙන්ම, ලිට්‍රෝ ගෑස් මිලද සංශෝධනය නොවන බව පසුගිය 01 වැනිදා නිවේදනය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here