හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහි නඩුවක් වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සදහා ලබන මස 4 වනදා කැදවීමට නියමකළා. ඒ කොළඹ මහාධිකරණයයි.
කූඨ ලේඛණයක් ඉදිරිපත්කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
එම නඩුව අද (04) කැඳවූ අවස්ථාවේ රජයේ නීතීඥවරිය කියා සිටියේ නඩුවේ සාක්ෂි ලැයිස්තුවට තවත් සාක්ෂිකරුවෙකු එක් කිරීමට තීරණය කර ඇති බවයි.
නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබෙන විත්තිකාරියගේ උප්පැන්න සහතිකයේ මුල් ගොනුව නඩු විභාගය ආරම්භයට පෙර පරික්ෂා කිරීමට අවශ්‍ය බව විත්තියේ නීතීඥවරයා දන්වා සිටියා.
ඒ අනුව අදාළ ගොනුව සතියක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි විනිසුරුවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.