නුවරඑලිය මුස්ලිම් පල්ලිය අසල පිහිටි ආපනශාලාවක් වෙත ගොස් එහි හිමිකරුට සහ සේවකයෙකුට පහර දි පරුෂ වචනයෙන් බැන තර්ජනය කලේ යැයි කියන නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර නිලධාරිවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර වෙනත් පොලිස් කොට්ඨාශයක සහකාර පොලිස් අධිකාරිවරයෙක් යටතේ විනය පරික්ෂණයක් සිදු කිරිමට (04) දින පියවර ගත් බව නුවරඑලිය දිසාව භාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා පැවසිය.
මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති නිසා එම පොලිස් පරික්ෂකවරයා ස්ථාන මාරු කිරිමට අවශ්‍ය කටයුතු කරන ලෙසට මැතිවරණ කොමිසම වෙත දැනුම් දි ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.
මෙම සිද්ධිය මාධ්‍ය මගින් හෙලිදරව් කිරිමෙන් පසු අගතියට පත් එම ආපනශාලාවේ හිමිකරු වන අබ්දුල් කපුර් මොහොමඩ් ඊර්ෂාඩ් (46) නුවරඑලිය පොලිස් අධිකාරි කාර්යාලය වෙත (04) දින පස්වරුවේ කැදවා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ප්‍රකාශයක් ලබාගෙන ඇත.
පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදිමෙන් අනතුරුව මධ්‍යට අදහස් දැක් වු අබ්දුල් කපුර් මොහොමඩ් ඊර්ෂාඩ් කියා සිටියේ තමන්ගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත්, මින් ඉදිරියට පොලිස් නිලධාරින්ගෙන් මෙවැනි බලපැම් මින් ඉදිරියට සිදු නොවිමට උසස් පොලිස් නිලධාරින් වගබලාගත යුතු බවයි.
(හැටන් රංජිත් රාජපක්ෂ)