සියලු ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන යළි ආරම්භ කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතා පොලිසියට උපදෙස් දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඊයේ (03) පැවැති සාකච්ඡාවකදී අදාළ උපදෙස් ලබාදුන් බවයි.

“වැඩබලන පොලිස්පතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාර පොලිස්පතිවරයාට උපදෙස් දුන්නා ප්‍රමුඛතාව හඳුනාගෙන විමර්ෂන කඩිනම් කිරීම සහ ප්‍රමාදයක් තියන විමර්ශන හඳුනාගෙන නැවත කඩිනමින් විමර්ශනය ආරම්භ කරන්න. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡා වුණා. ඒ සම්බන්ධව සාකච්ඡා කරලා එහි තියන යම්කිසි අඩුපාඩු තියනවා නම් ඒවා හඳුනාගෙන වාර්තා කරන්න කියලා උපදෙස් ලබා දුන්නා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here