https://www.youtube.com/watch?v=cuT64XHk3G0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  78 වෙනි උපන් දිනය නිමිත්තෙන් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ,  ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී දිස්ත්‍රික්කයේ ගැබිණි මව්වරුන් පිරිසකට පෝෂණ මළු ලබා දීම සහ දිවා ආහාරය පිරිනැමීමේ වැඩසටහනක්  අද් (17) දහවල්  සිදු කෙරිණි.

මීට සමගාමීව උපන් දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් කපා උපන් දිනය සැමරීමද සිදු කෙරිණි. 

මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ගම්පහ දිස්ත්‍රික්  සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන  නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here