අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 5කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.
වසරක කාලයක සිට එම අයිස් තොග වශයෙන් අනුරාධපුර නගරය හා ඒ අවට බෙදා හරිමින් සිටි ඔහුගේ පුත්‍රයා, ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මල්වතු ඔය භාර, කුඩා නෙළුබෑව, කැකිරාව සහ මැදවච්චිය, යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙක්.
වසරක කාලයක සිට සූක්ෂම ලෙස මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ගෙන යන බවට ලැබුණු තොරතුරුකට අනුව කාලයක් තිස්සේ සිදු කළ දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, කැකිරාව, මැදවච්චිය, තඹුත්තේගම නොච්චියාගම, එප්පාවල සහ තලාව වැනි ප්‍රදේශවල සිට අනුරාධපුරයට පැමිණෙන අමතර පන්ති සිසුන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ විවිධ වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි.