වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම මත්පැන් නිෂ්පාදනාගාරය තුල තිබී නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා,පෙරීම් උපකරණ,බැරල් ඇතුළු ද්‍රව්‍ය රැසක් ද පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)