හැටන් දික්ඔය නගර සභාව මගින් හැටන් බස් නැවතුම්පොල භුමියේ පවත්වාගෙන යන පොදු වැසිකිලි පද්ධතිය නිසි ආකාරව පවත්වාගෙන නොයැමෙන් සෞඛ්‍ය ගැටළු රැසක් මතු වි ඇති බව එම බස් නැවතුම්පොලට මගින් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව චෝදනා කර සිටිති.
හැටන් දික්ඔය නගර සභාව මගින් පොදු වැසිකිලිය භාවිතා කිරිම සදහා එක් අයෙකුගෙන් රු 40 ක මුදලක් අය කරන අතර, එම පොදු වැසිකිලියේ මල ද්‍රව්‍ය එක්රැස් වන වල පිරි පිටාර ගැලිම නිසා මලපහ බස් නැවතුම්පොල භුමිය පිටුපසින් කාසල්රි ජලාශයට වැසි ජලය ගලා බසින කාණු පද්ධතිය ඔස්සේ ගලා බැසිම හේතුවෙන් බස් නැවතුම්පොල භුමියේ සෞඛ්‍ය ගැටළු රැසක් මතු වි ඇති බවත්, බස් නැවතුම්පොල භුමිය පුරා දැඩි දුගන්ධයක් හමන බවයි මගින් ඇතුළු බස් නැවතුම්පොලට පැමිණෙන පිරිස් චෝදනා කර සිටින්නේ.
හැටන් බස් නැවතුම්පොල කාර්ය බහුල බස් නැවතුම්පොලක් වන අතර, එම බස් නැවතුම්පොලට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් පැමිණෙන අතර, එම බස් රථවලින් පැමිණෙන මගි ජනතාව සහ බස් නැවතුම්පොල අවට ව්‍යාපාර සිදු කරන ප්‍රජාව භාවිතා කිරිමට ඇති එකම පොදු වැසිකිලිය මෙය බවයි එම පිරිස කියා සිටින්නේ.
වැසි දිනයන්හි මෙම තත්ත්වය දැඩිව බලපාන බවත්, එම දිනයන්හි කාණු පද්ධතිය ඔස්සේ ගලා යන මල පහ බස් නැවතුම්පොල භුමියේ ගලා යන බව එම පිරිස චෝදනා කර සිටියි.
මේ සම්බන්ධයෙන් අප හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා සම්බන්ධ කර ගැනිමට උත්සහ කලද එය ව්‍යාර්ථ විය.
(හැටන් රංජිත් රාජපක්ෂ)