2012 වසරේ ග්‍රීකය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබෙන අවස්ථාවක මෙරට රජයට අයත් මුදල් ග්‍රික බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදුන්නා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එක් එක් විත්තිකරුවෙකු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළා.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත්, විදේශගත වන්නේ නම් අධිකරණයේ අවසර ලබා ගත යුතු බවත්, නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here