මෙවර මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සුදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මාධ්‍ය හමුවේ සඳහන් කළේ අද පස්වරුවේ මේ සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුව දැනුම්වත් කරන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක වශයෙන් නාමල් රාජපක්ෂ ඉදිරියටත් පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත්, මැතිවරණය වෙනුවෙන් ඔහු දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඉදිරි මහමැතිවරණයේදී නාමල් රාජපක්ෂ කුරුණෑගලින් තරග කරන බවට මින් ඉහත වාර්තා පළ වූ අතර, ඒවා අසත්‍ය බවට ඔහුගේ මාධ්‍ය අංශය නිවේදනය කළා.