ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා ති්බෙනවා.

මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ ජත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් සමන්තා පවර් මහත්මිය පවසා ඇත්තේ, රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර සමානතාවයක් පවතින බවයි.

ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා පූර්ණ සහය ලබාදෙන බවඳ සමන්තා පවර් මහත්මිය මෙහිදී ජනාධිපතිවරයාට සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here