තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අමිල අබේසේකර විසින් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ පාරේ නිවසක සඟවා තිබූ ව්‍යාජ අංකයක් යොදන ලද පැජරෝ වර්ගයේ ජිප් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබුණා.
මේ අතර 1997ට ලද තොරතුරකට අනුව බෙලිඅත්ත ගැටමාන්න කොස්ගස්ලන්ද ප්‍රදේශයේ නිවසක තිබී චයිනා හාබර් ඉංජිනේරු සමාගමට අයත් කලු පැහැති ලෑන්ඩ් කෘසර් ජීප් රියක් ද සිය භාරයට ගත් බව බෙලිඅත්ත පොලිසිය සඳහන් කරනවා.