විවාහ මංගල උත්සවයක දී දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් අතරතුර සිදු කළ පහරදීමකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අඟුලාන, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාවේ ඊයේ රාත්‍රියේ පැවති මංගල උත්සවයක දී මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 52ක අඟුලාන පදිංචි පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා මංගල උත්සවයේ DJ සංගීතයේ ශබ්දය අඩුකරන ලෙස පැවසූ අවස්ථාවක මෙම බහින්බස්වීම ඇතිව තිබෙන අතර අඩුකරන්න නොහැකි බැව් කී විට ඔවුන් අතර ආරවුලක් හටගෙන තිබෙනවා.
හිසට එල්ලවූ බරපතල තුවාල නිසා මෙම මරණය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පහරදුන් පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.