දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරින් ට උපදෙස් ලබා දී තිබෙනවා.

ගංවතුර සහ නායයෑම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත් ජනපති අනුර උපදෙස් ලබා දී ඇති බැව් සඳහන්.

සහන සේවා සම්බන්ධ උපදෙස් ද ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද දැනුම්දී තිබෙනවා.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කටයුතු කරන බව ද ජනාධිපති අනුර දිසානායක සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here