මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයින් තිදෙනෙකු ජීවිත්කෂයට පත්වී තිබේ.
අද (12) සවස මෙම පුද්ගලයින් තිදෙනා දුම්රියේ ගැටී තිබුණේ කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදීය.
අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදී මිය ගොස් ඇති අතර වයස අවුරුදු තුනක දරුවකුත් තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.
එම දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.
මියගිය පුද්ගලයින් තිදෙනා කළුතර දකුණු රජවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ව බව වාර්තා වෙයි.