ඉන්දියා – බංග්ලාදේශ තෙවැනි T20 තරගයේදී ඉතා ප්‍රභල ඉනිමක් ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර 20/20 ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් රැස්කළ දෙවැනියට ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට අද (12) සමත් වුණා.

එහිදී ඉන්දීය කණ්ඩායම තම පන්දුවාර 20 තුළ කඩුළු 06ක් දැවී ලකුණු 297ක් රැස් කිරීමට සමත් වුණා.

ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස්කළ හැකි වුණේ ලකුණු 167ක් පමණයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම රැස් කළ මෙම ලකුණු සංඛ්‍යාව දෙවැනි වන්නේ දැනට පෙරමුණේ සිටින ජාත්‍යන්තර 20/20 තරගයකදී නේපාල කණ්ඩායම මොංගෝලියාවට එරෙහිව රැස්කළ ලකුණු 314ට පමණයි.

එමෙන්ම මෙහි තුන්වැනි ස්ථානය වන්නේ අයර්ලන්තයට එරෙහිව ඇෆ්ගනිස්ථානය රැස්කල ලකුණු 278ක ඉලක්කයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here