සත්කාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තීරණාත්මක පන්දුවාර 20යි 20 අවසන් තරගය අද (17) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ පළමු තරගය බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම කඩුලු 5කින් ජය ගත් අතර දෙවැනි තරගය සත්කාරක ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 73කිනි.
ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණයට මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලටම අතිශය වැදගත් වේ.
තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.