ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL 315 අංක දරණ ගුවන් යානයෙන් Kuala lumpur සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවයිනට පැමිණීමෙන් පසු ගුවන්තොටුපළ තුළ මඟහැරී ගිය ගමන් මළු නැවත ලබා ගැනීමට පැමින රාත්‍රී 7.30 ට පමණ නැවත පිටවීමට තැත් කිරීමේදී නීති විරෝධි ලෙස මෙරට රැගෙන එන ලද අයිස් නැමැති මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ප්‍රමාණයක් තම ගමන් මල්ල තුළ සඟවාගෙන ගුවන් තොටුපලින් පිටව යෑමේ දී කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් සිදු කරන පරීක්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයාගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම මිලියන 25 වන අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරනු ලබයි.
මිනුවන්ගොඩ දමිත් තිසර