කාන්තා T20 ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව වටයේ තරගය ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්ත කාන්තා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.
පළමු අවසන් පූර්ව වටයේ තරගය ලෙසින් දකුණු අප්‍රිකා – ඔස්ට්‍රේලියා අතර ඊයේ පැවති තරගය දකුණු අප්‍රිකාව කඩුළු 08කින් ජයගත් අතර, ඒ අනුව ඔවුන් එළඹෙන 20 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් හිමිකරගත්තා.