හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂකයන් ගමන් ගන්නා ආරක්ෂක රථ තුනක් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී තිබෙනවා.
ලිපියක් යවමින් මෙම දැනුම්දීම කර ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්යාලය විසින්.
හිටපු ජනාධිපති ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුවේ නිර්දේශ නිකුත් වීමටත් පෙර මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසන්නේ, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් ගමන් ගන්නා වාහන කිහිපයක් නැවත භාර දෙන ලෙස රජය දැනුම් දී ඇති බව තමාට දැනගන්නට ලැබී ඇති බවයි.
මේ රටේ යුද්ධය අවසන් කළ නායකයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇති ජීවිත තර්ජනය අවසන් වන සීමාවක් ලකුණු කළ නොහැකි බවත් ඔහුට ඇති තර්ජනය පිළිබඳ තක්සේරු කිරීමකින් තොරව මේ ආකාරයට කටයුතු කිරීම වැරදි බවත් ඔහු පවසනවා.
මෙවැනි කටයුතු සිදු කරන්නේ බුද්ධි අංශ වලින් අසා දැයි තමා ප්‍රශ්න කරන බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියා.