මිතුරෙකුගෙන් ඉල්ලා ගත් යතුරු පැදියක් ආසාවට පදිමින් සිටි තරුණයකු පරගස්තොට තුඩුව පාලම ප්‍රදේශයේ දි ඊයේ රාත්‍රී සිදුවූ අනතුරකින් මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ (21 ) හැවිරිදි කවටයාගොඩ, මොරොන්තුඩුව, පදිංචි සුජිත් සත්සර නොමති පවුලේ එකම දරුවායි.
තම සීයාගේ අවමගුල් ගෙදරට සහභාගී වී සිටි මිත්‍රයෙක් පැමිණි යතුරුපැදිය මොරොන්තුඩුව මිල්ලනිය මාර්ගයේ පැදීම සඳහා මොහු රැගෙන ගොස් තිබෙනවා.
මියගිය තරුණයාට නිසි අයුරින් යතුරුපැදි පැදීමට හැකි තරුණයෙක් බව ඥාතීන් පවසනවා.
යතුරුපැදි දෙකකින් තරුණයන් කිහිප දෙනකු වරින්වර රේස් පැද ඇති අතර මිය ගිය තරුණයා ද යතුරුපැදිය වේගයෙන් ධාවනය කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන වැටී ඇදී ගොස් ආරක්ෂක කණුවක හිස ගැටී බරපතල තුවාල සිදුවී අසල වෙලට විසිවී ඇති බව පොලීසිය විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා.
තරුණයා ගෝනදූව රෝහල වෙත රැගෙන යනු අවස්ථාව වන විටත් මිය ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
If some one needs to be updateed with mmost recent technologies then he
must be pay a quicck visit this site and be up to date eevery day. https://Lvivforum.pp.ua/