කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද (20) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.
මෙවර අවසන් මහා තරග සඳහා නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.
නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් තවමත් අයි.සී.සී කුසලානයට හිමිකම් කියා නොමැති අතර, ඒ අනුව ඔවුන් දෙපිළම සිය කුළුඳුල් ලෝක කුසලානය මව්බිමට රැගෙන යාමේ අපේක්ෂක්වෙන් අද රාත්‍රියේ පිටියට පිවිසෙනවා