මහනුවර දිස්ත්‍රික් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් වෙඩි වැදීමකින් මියගොස් තිබෙනවා.

මොහු කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි නිවසක වෙඩි වැදී මිය ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇති බවට සැකකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම පුද්ගලයා කටුගස්තොට, වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here