ඉන්දියාවට එරෙහිව ඉන්දියාව තුළ දී වසර 36කට පසු ටෙස්ට් තරගයක් ජයගන්නට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (20) සමත් වුණා.
ඒ, දෙරට අතර බැංගලූරු හිදී පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 08කින් ජය ගනිමින්.
මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දීය පිළේ පළමු ඉනිම ලකුණු 46කට සීමා කරන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
අනතුරුව ඉනිමක පරාජයෙන් ගැලවීම සටන අරඹමින් ඉන්දියාව සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් සිය දෙවන ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 462ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ, අනුව නවසීලන්ත කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් හිමි වූ ඉලක්කය ලකුණු 107ක් හිමි වූ අතර එම ඉලක්කය තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී කඩුලු 02ක් පමණක් දැවී ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.