හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන ඒමට යෝජනා කරන ලද ගෙවල් කුලී බද්ද ක්‍රියාත්මක නොකිරීමට නව රජය තීරණය කර තිබෙනවා.
ඒ වෙනුවට විකල්ප යෝජනාවක්, IMF ඊළග සමාලෝචනයේ දී ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.
ගෙවල් කුලී බද්ද ලෙස මෙහිදී හඳුන්වන්නේ, නිවාස කුලියට දී ගෙහිමියා උපයන ආදායම මත අය කරන බද්දයි.
මෙම බද්දෙන් ආවරණය කර ගැනීමට ගිය බදු ආදායම උපයා ගත හැකි වෙනත් විකල්ප යෝජනා කෙරෙහි මේ වන විටත් භාණ්ඩාගාර නිළධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.