ගාල්ල, උඩුගම ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයකට පොලිසිය වෙඩි තැබීමක් සිදුකළා.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකටයුතු ලෙස ධාවනය කළ ලොරි රථයක් පරික්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.

එහිදී ලොරි රථය නතර කරන ලෙස පොලිසිය සංඥා නිකුත් කළද එය නොතකා වේගයෙන් ඉදිරියට ධාවනය වීමත් සමග පොලිසිය වෙඩි තැබීමක් සිදුකර ලොරි රථය නතර කිරීමට කටයුතු කළා.

පසුව ලොරි රථය පරික්ෂා කිරීමේ දී දැකගැනීමට හැකිවුයේ හිංසාකාරී ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ බවයි ඒ සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here