නෙළුම් කුලුණෙන් පැන පසුගියදා සියදිවි හානි කරගත් පාසල් සිසුවියගේ දෙමාපියන් විසින් ඇයගේ මරණය සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය තොරතුරු පිළිබද අදහස් දක්වා තිබුණා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කළේ, තම දියණියගේ වියෝව සම්බන්ධයෙන් තවමත් කම්පා වන බවයි.

වීඩියෝ ක්‍රීඩාවල නිරත වීම, දෙමාපිය පීඩනය, හිරිහැරවලට ලක් වීම සහ මත්ද්‍රව්‍ය භාවිතය යන කරුණු ළමා ආරක්ෂාව පිළිබද මාතෘකා වන අතර ඒවා සිය දියණියගේ මරණය පිළිබද නිගමනයට යොදාගැනීම අසාධාරණ, අසත්‍ය හා නින්දා සහගත බවයි ඔවුන් එම ප්‍රකාශයෙන් දක්වා තිබුණේ.

එමෙන්ම පසුගියදා අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානිකරගත් සිය මිතුරන් දෙදෙනා සම්බන්ධයෙන් සිය දියණිය මහත් කණගාටුවෙන් සිටි අතර ඉන් ඇය මුදා ගැනීම සදහා විශේෂඥ සහාය ලබා ගෙන, නිසි මාර්ගයට රැගෙන එමින් සිටි බව අදාළ ප්‍රකාශයේ දැක්වුණා.

කෙසේ වෙතත්, දැරියගේ දෙමව්පියන් සදහන් කළේ දැරිය යථා තත්වයට පත්වෙමින් සිටින පසුබිමක ඇයගේ පාසලේ, ඇතැම් ගුරුවරුන් සහ දෙමාපියන් සිදු කරන ලද අසත්‍ය කටකතා හේතුවෙන් ඇය පීඩාවට පත්ව සිටි බවයි.

එහිදී ගුරුවරුන් හා ඇතැම් දෙමව්පියන් අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානිකරගත් සිය මිතුරන් දෙදෙනා සම්බන්ධයෙන් සිය දියණිය කළින් සිට දැන සිටි බවට ප්‍රචාරයක් සිදු කළ තිබෙනවා.

මෙම කාරණය සම්බන්ධයෙන් සිය දියණියට නඩු පවරා විමර්ශන සිදු කළ යුතු බවට ඇතැම් දෙමාපියන් චෝදනා කර තිබූ බවත් අනෙක් දරුවන් සිය දියණියගෙන් ඈත් කර තබන ලෙසට පවසා තිබෙනවා.

මෙවැනි කටකතා නිසා සහ දෙමාපිය බලපෑම් හමුවේ සිය දියණිය වඩාත් පීඩාකාරීව කාලය ගත කළ බවත්, මේ හේතුවෙන් ඇයට වෙනත් පාසලකට මාරු කර යැවීමට සිතූ බවත් අදාළ ප්‍රකාශයේ සදහන්.

කෙසේ වෙතත් සිය දියණිය එල්ල වූ පීඩනයන් ඇයට දරාගත නොහැකි මට්ටමට ළගා වූ බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here