මෙරට සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙසට ද බ්‍රිතාන්‍යය ද සිය පුරවැසියන්ට දැනුම්දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්‍යාලය විසින් මෙම නිවේදනය අද (23) පෙරවරුවේ නිකුත් කරනු ලැබුවා.
මීට පැය කිහිපයකට පෙර අමෙරිකානු තානාපති කාර්‍යාලය ඔවුන්ගේ අමෙරිකානු පුරවැසියන්ට නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ නිවේදනයට සමගාමීවයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලය ද අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.
මෙරට පිහිටි රුසියානු තානාපති කාර්‍යාලය ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ; ආරුගම්බේ නගරයේ දී එල්ල විය හැකි ප්‍රහාරයෙන් ආරක්ෂා වීමට සිය රුසියානු පුරවැසියන්ට එහි සංචාරය කිරීමෙන් වළකින ලෙසටයි
එම් නිවේදන පහතින්,

