බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වෙන් පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 36 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකණු 189 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Sherfane Rutherford ලකුණු 80 ක් හා Gudakesh Motie නොදැවී ලකුණු 50 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් පමණක් දැවී අදාල ඉලක්කය සපුරා ගත්තා.
ඒ අනුව තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තවත් තරගය ඉතිරිව තිබියදී ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.