පුළුල් බ්‍රික්ස් සහයෝගීතාවයේ, උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු බ්‍රික්ස් රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ජනපති ෂී ජින් පිං කියයි.
රුසියාවේ Kazan නගරයේ පැවති 16 වන බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
පොදු ආරක්ෂාව සහතික කිරීම සඳහා ‘සාමකාමී බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ගොඩනැංවිය යුතු බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළා. එමෙන්ම ‘නවෝත්පාදනයෙන් යුත් බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ගොඩනැංවීමෙන් ගුණාත්මක සංවර්ධනය සහතික කළ යුතු බවත්,තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ‘හරිත බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ නිර්මාණය කළ යුතු බවත්, ගෝලීය පාලන පද්ධතිමය ප්‍රතිසංස්කරණයට මඟපෙන්වීම සඳහා ‘සාධාරණත්වයෙන් යුත් බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ද ගොඩනැංවිය යුතුව ඇති බවත් චීන ජනපති සඳහන් කළා.
එසේ ම, ‘මානුෂීය බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ඔස්සේ සහජීවනයෙන් පිරි ශිෂ්ටාචාරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ද ඔහු එහිදී පෙන්වා දුන්නා.
මේ අතර, චීන ජනාධිපතිවරයා කියාසිටියේ චීනය බ්‍රික්ස් රටවල් වෙනුවෙන් ගැඹුරු මුහුදේ සම්පත් සඳහා වන ජාත්‍යන්තර පර්යේෂ මධ්‍යස්ථානය ස්ථාපිත කරන බවයි.
එමෙන් ම, බ්‍රික්ස් රටවල විශේෂ ආර්ථික කලාප චීන සහයෝගිතා මධ්‍යස්ථානය, බ්‍රික්ස් රටවල කාර්මික ශක්‍යතා චීන මධ්‍යස්ථානය, බ්‍රික්ස් රටවල ඩිජිටල් කර්මාන්තය සඳහා වන ජෛව සහයෝගීතා ජාලය ස්ථාපිත කිරීමට ද චීනය සූදානම් බව ඔහු මෙහිදී අවධාරණය කළා.
එසේම ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය ලෝක ආර්ථික ප්රවණතා වඩාත් හොඳින් පිළිබිඹු කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං වැඩිදුරටත් සඳහන් කළ බවයි වාර්තා වන්නේ.