යායපනය දිස්ත්රීක්කයේ ප්රසිද්ද පාසල් ඉලක්ක කරගනිමින් පාසල් සිසුන්ට මත්පෙති අධික මිලගණන් යටතේ විකිණීමේ ජාවාරමක නිරත පුද්ගලයින් දෙදෙනෙකු ස්ථාන දෙකකදී මත්පෙති තොගයක්ද සමගින් පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.
යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ නිලධරීන් පිරිසක් විසින් අද (24) දින චුන්නාකම් ප්රදේශයේ සැකසහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද පරික්ෂවකදී ඒම පුද්ගලය සන්තකයේ තිබී මත්පෙති 840 ක් තිබී සොයාගනු ලැබීය.
මේ අතර ඊයේ (23) දින යාපනය මාණිප්පයි ප්රදේශයේදී මානිප්පායි පොලීස් නිලධාරීන් පිරිසක් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද සෝදිසියකදී මත්පෙති 1400 ක් සොයාගනු ලැබීය.
යාපනය දිස්ත්රීක්කයේ පිහිටි පාසල් කිහිපයක් ආසන්නයේ සහ නගරයේ පොලිස් නිලධාරීන් විසින් සිවිල් පුද්ගලයින් වශයෙන් වෙස්වලා අදාල වැටලීම සිදුකොට ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාණිප්පායි සහ චුන්නාකම් ප්රදේශයන්හීම පදිංචිකරුවන් වන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පැවසීය.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වන වව්නියාව ප්රදේශයේ පදිංචිකරුවකු අතර, එම සැකකරු සහ මත්පෙති වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා වව්නියාව පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන තිබුණි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)