පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් අද (25) සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාවක් මහරගම නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එක් අයකුට පොල් ගෙඩි 05 බැගින් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේ මහරගම පොල් ගෙඩි 5000ක පමණ ප්‍රමාණයක් ගෙඩියක් රුපියල් 100ක් 120ක් වැනි මිලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන්.

මීට අමතරව හලාවත, කුරුණෑගල වැවිලි සමාගම සහ පොල් පර්යේෂණ මණ්ඩලය මගින් ද ජංගම රථ යොදාගෙන තෝරාගත් ප්‍රදේශ කිහිපයක පොල් අලෙවි කිරීම සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here