හොංකොං කණ්ඩායම ලකුණු 71- 47ක් ලෙස පහසුවෙන් පරාජය කර ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) සමත් වුණා.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙසින් මෙය අද (26) පස්වරුවේ පැවැත්වුණා.

මූලික වටයේ සියලුම තරග ජයග්‍රහණය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට මුහුණදුන් ශ්‍රී ලංකා කණ්ඩායම එම වටයෙනුත් ජයග්‍රහණය කරමිනුයි අවසන් වටයට තේරී පත්වුණේ.

ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ මෙම තරගාවලිය මෙවර පැවත්වෙන්නේ 13වැනි වරටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here