කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින්, දුම්රිය හරස් මාර්ග භාවිතා කරන මහජනතාව ඉතා සැලකිලිමත්ව හරස් මාර්ග භාවිතාකළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන සිදුකර ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here