බලපත්‍ර නොමැතිව එළ ගවයින් පටවා ගෙන පොලිස් අණ නොතකා පලායාමට තැත්කල ලොරි රථයකට අද (27) අලුයම වෙඩි තබා එහි සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ වෙඩි වැදී නතරවූ ලොරි රථයේ සිටි තවත් සැකකරුවෙකු පලාගිය බවයි.

අත්අඩංගුවට ගත් කුඩා ලොරි රථයේ එළගවයින් 16 දෙනෙකු පටවා සිටි බවත් ඉන් තෙරපුම නිසා දෙදෙනෙකු මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළා.

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිට ගවයින් පටවා ගත් ලොරි රථය සූරියවැව මීගහජදුර මාර්ගයේ ගමන් කරමින් සිටියදී සූරියවැව අසපුව අසල බෝපැලේ හන්දියේ මාර්ග බාධකයක් යොදා සිටි සූරියවැව පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් ලොරි රථයට නැවැත්වීමට අණ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here