මැතිවරණ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.
දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයින් දෙදෙනෙකුට සහයෝගය ලබා දීම වෙනුවෙනුයි මොහු පෝස්ටර් අලවමින් සිට ඇති අතර පාර අසලම පදිංචි නිවෙස් හිමියෙකු විසින් නිවසේ සිට ගේට්ටුව දෙසට විදුලි රැහැනක් ඇද ගේට්ටුව ඉදිරිපිට විදුලි බුබුලක් දැල්වීමට කටයුතු කොට තිබෙනවා.
පැවති වර්ෂාව නිසා අනාරක්ෂිත ලෙස ඇද තිබූ එම වයරය ඔස්සේ විදුලිය කාන්දු වීමෙන් පෝස්ටර් අලවමින් සිටි තැනැත්තාට විදුලි සැර වැදී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මුලතිව්, විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කසලිංගම් තංගදීපන් නැමති අයෙක් මෙසේ මියගොස් තිබෙනවා.
මෙම මරණය ඊයේ (26) සිදුව තිබෙන අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.