එළැඹෙන මහමැතිවරණයේ දී සමගි ජන බලවේගයට නියත ජයක් ලැබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තමා බලයට පත් වූ පසු බදු සූත්‍රය වෙනස් කර වැට්, උපයන විට බද්ද, සෘජු හා වක්‍ර බදු අඩු කරනවා කිව්වත් ජනාධිපතිවරයා වී අයි එම් එෆ් එක සමග සාකච්ඡා වට දෙකක් තිබුණත් එම බදු අඩු කරන්න එකඟ නොවන බවට අයි එම් එෆ් කියා ඇති බවත් මැතිවරණයේ දී බදු අඩු කරනවා යැයි කිව්වත් බලයට ලැබුණු පසු එය කළ නොහැකි වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අදටත් ජනාධිපතිවරයාට බදු අඩු කරන්න නොහැකි වූ බවත් ජනතා විමුක්ති පෙරමුණට එහෙම වුවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිටින විට අවස්ථා ගණනාවකදී අයි එම් එෆ් නියෝජිතයන් හමුවී ඇති කර ගත් සාකච්ඡා තුළ රටේ ජනතාව ජනවරම ලබා දුන් පසු අයි එම් එෆ් රාමුව මත සිට බදු සූත්‍ර වෙනස් කළ යුතු වන බව පැවසූ බවත් ඒ අවස්ථාවේ අයි එම් එෆ් එක එයට එකඟ වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට බැරි දේ සමගි ජන බලවේගයට කළ හැකි බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හෝමාගම දී ජනහමුවක් අමතමිනි.