පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම් වාර්තාව අද (28) පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රකාශයට පත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව, අද උදෑසන 10ට පිට කෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ.එන්.ජේ.ද අල්විස් යනුවෙන් හඳුන්වනු ලබන පළමු වාර්තාව සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 21 වනදායි.

එහිදී ඔහු කියා සිටියේ, අදාළ වාර්තාවේ සදහන් පරිදි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ද චෝදනා එල්ල කර තිබුණු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here