කටුනායක ගුවන් තොටුපොලේ බෝම්බයක් ඇති බවට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබා දුන්පුද්ගලයෙකු වාරියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරනවා.
කටුනායක ගුවන් තොටුපොළෙහි බෝම්බයක් ඇති බවට සඳහන් කරමින් මොහු ඉකුත් (27) දින ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කළමනාකරුට දුරකථනයෙන් ඇමතුමක් ලබා දී ඇති බව පොලිසිය පවසනවා.
පොඉලිසිය වැඩිදුරටත් කියා සිටියේ, මෙම ඇමතුමෙන් අනතුරුව ගුවන් තොටුපොලේ කටයුතු වලට බාධා එල්ල වූ අතර, ගුවන් තොටුපොල සහ මගීන් දැඩි පරීක්ෂාවට ලක් කර ගුවන් ගමන් ප්‍රමාදයක් ද සිදුවූ බවයි.