වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව එම සමාගම පවසනවා.

බෙදාහැරීමේ කටයුතුවල පැවති ගැටලුවක් හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහියපක ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවයි ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ (28) දිනයේ ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරාය වෙත ළඟා වී ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ ඒවා වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here