දිපවාලි උත්සවය සැමරිමට අයිස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ සිටි තරුණයන් සිව්දෙනෙකු හැටන් පොලිසියේ නිලධාරින් විසින් (30) දින උදැසන හැටන් නගරයේදි අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් දික්ඔය සාංචිමලේ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් සිව්දෙනා කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිට (31) දිනට යෙදෙන දිපවාලි උත්සවය නිමිත්තෙන් නිවාඩු ලබාගෙන නිවසට පැමිණෙමින් සිටියදි එම තරුණයන් පිලිබදව සැක සිතු හැටන් පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් පරික්ෂා කිරිමේදි එම සැකකරුවන් සන්තකයේ තිබි අයිස්, ගංජා සහ මත්පෙති තිබි හමු වු බවයි වැටලිම සිදු කල පොලිස් නිලධාරින් කියා සිටියේ.
අවු 22-28 වයස් කාණ්ඩයේ පසුවන සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, දිපවාලි උත්සව සමයේ මෙවැනි විවිධ මත්ද්‍රව්‍ය රැගෙන එන පිරිස් අත්අඩංගුවට ගැනිමට හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති බවටි හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.
(හැටන් රංජිත් රාජපක්ෂ)