ගගනගාමීන් තිදෙනෙකු රැගත් ෂෙන්චෞ 19 අභ්‍යවකාශ යානය බෙයිජිං වේලාවෙන් අද(30) පෙරවරු 04:27ට ජියුචුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සාර්ථකව ගුවන්ගත කෙරුණා.

අනතුරුව විනාඩි 10ක කාලයකින් පසු ෂෙන්චෞ 19 අභ්‍යවකාශ යානය එහි රොකට්ටුවෙන් වෙන්වී නියමිත කක්ෂයට ප්‍රවේශ වූ බවයි චීන වාර්තාවල දැක්වෙන්නේ.

කක්ෂයට ප්‍රවේශ වීමෙන් පසු එම යානය නියමිත ක්‍රියාදාමයට අනුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග ස්වයංක්‍රීයව සම්බන්ධ වී ඇති බවද එම වාර්තාවල සඳහන්.

මෙම මෙහෙයුමට එක්ව සිටින ගගනගාමීන් අභ්‍යවකාශයේ පර්‍යේෂණ සහ ක්‍රියාකාරකම් කිහිපයක්ම සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ඔවුන් මාස හයක කාලයක් එහි රැඳී සිටිනු ඇති.

චීනයේ මුල්ම කාන්තා අභ්‍යවකාශ ඉංජිනේරුවරිය ඇතුළු තිදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් මෙවර මෙම මෙහෙයුමට එක්ව සිටිනවා.

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන භාවිතය සහ සංවර්ධන අදියර සඳහා වන ගගනගාමීන් සහිත සිව්වන මෙහෙයුම මෙය වන අතර ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතියේ 33 වැනි මෙහෙයුම බවයි චීන බලධාරීන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here