ජාතික ජන බලවේගයේ කාර්යාලයක් විවෘත කිරිමට විරෝධය පල කල ලංකා කම්කරු කොන්ග්රසයේ ආධාරකරුවන් සිව්දෙනෙකු (29) දින රාත්රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව ලිදුල පොලිසියේ නිලධාරියෙකු පැවසිය.
ලිදුල පොලිස් වසමට අයත් පාමස්ටන් නගරයේ නිතියානුකුලව ජාතික ජන බලවේගයේ පක්ෂ කාර්යාලයක් (30) දින විවෘත කිරිමට එම පක්ෂයේ සමාජිකයන් පිරිසක් කටයුතු කරමින් සිටියදි (29) දින රාත්රි 7.30ට පමණ එම වත්තේ පදිංචි තරුණයන් සිව්දෙනෙකු පැමිණ කාර්යාලය විවෘත කිරිමට දැඩි විරෝධය පල කර ඇත.
ජාතික ජන බලවේගයේ සමාජිකයන් පිරිසක් විසින් ලිදුල පොලිසියට ඒ පිලිබදව කල දැනුම් දිමක් මත පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් විරෝධය පල කරමින් සිටි තරුණයන් සිව්දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 22-46 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, සැකකරුවන් (30) දින නුවරඑලිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
(හැටන් රංජිත් රාජපක්ෂ)