කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ තිබි (30) දින නාදුනන පුද්ගල මල සිරුරක් සොයාගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

කෙසෙල්ගමුඔය හරහා බගවන්තලාව බොගවාන වතුයායට පිවිසිමට ඉදි කර ඇති පාලම අසල නාදුනන මල සිරුරක් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් කල දැනුම් දිමක් මත මල සිරුර සොයාගෙන ඇත.

අවු 30 ක් පමණ වයසැති මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනිමට බගවන්තලාව පොලිසිය ප්‍රදේශවාසින්ගේ සහය ඉල්ලා සිටියි.

මල සිරුර සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂකවරයාගේ සහ පොලිස් අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින්ගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසිය පැවසිය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here