අනුරාධපුර නගරයේ කුම්බිච්චංකුලමවැව අසලදී තරුණයෙකු විසින් තරුණියකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර තිබේ.
එම පහර දෙන අවස්ථාවේ එම ස්ථානයේ රැඳී සිටි පිරිසක් විසින් තරුණිය බේරාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
පොලිසිය සඳහන් කළේ ප්‍රේම සම්බන්ධයක් මුල් කරගනිමින් පෙම්වතෙකු විසින් පෙම්වතියට මෙසේ තියුණු ආයුධයකින් පහර දී ඇති බවත්
පහර කෑමට ලක්ව ඇත්තේ එප්පාවල කටියාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ක් පමණ වයසැති තරුණියකි.
සැකපිට එම ස්ථානයේ රැඳී සිටි එප්පාවල පහල සියබලෑව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ස්ථානයේ තිබී තරුණියට පහර දුන් පිහියක් සහ වස බෝතලයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පිහි ඇනුම් සිදුකර මෙම තරුණිය ඝාතනය කොට පෙම්වතාද සියදිවි හානිකර ගැනීම සැලසුම් කොට තිබූ බවට ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කර ගත් බව පොලිසිය පවසයි.
වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරනු ලබනවා.
(ඉන්දික රංගජිව – අනුරාධපුරය)