මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද (31) අළුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙන බව මීගොඩ පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ අදාළ නිවසට වෙඩි ප්‍රහාර හතරක් තබා ඇති බවයි.

එමෙන්ම නිවසේ සිටි කිසිවෙකුට වෙඩි වැදී නැහැ.

අදාළ ව්‍යාපාරිකයා බිය වැද්දීම සඳහා මෙලෙස නිවසට වෙඩි තබා ඇති බවට සැක කරන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here