තමන්ගේ නිවස මුහුණ ආවරණය කරගත් පිරිසක් විසින් කොල්ලකා ඇති බව එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායක බෙන්ස් ස්ටොක් පවසනවා.
ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවසේ සිටින අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් බෙන්ස් ස්ටොක්ගේ බිරිඳට සහ දරුවන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවද සඳහන් වනවා.
ඔහුගේ නිවසේ තිබූ වටිනා දේ රැසැක් මංකොල්ලකරුවන් විසින් රැගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
ff