රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනාකමකින් යුතු අම්බර් තොගයක් ( තල්මහ වමනය) සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිපැන්න මීගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම වැලිපැන්න, මීගම ප්‍රදේශයේ නිවස පරීක්ෂාකර තල්මහ වමනය තොගය භාරයට ගෙන තිබේ.
අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජි ජේ නන්දන , සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව් ඩි පි ක්‍රිෂාන්ත, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව, උප පොලිස් පරීක්ෂක චාමර මධුසංඛ , උප පොලිස් පරීක්ෂක කේ එම් ඩි මධුෂාන් . සැරයන් 44817 ගුණවර්ධන . පොකොරි 80123 ලසික යන නිළධාරීන් වැටලීමට එක්වූහ .
(සම්පත් කුලරත්න – කළුතර)