බලපත්‍රයක් නොමැතිව වතු කම්කරුවන්ට අධික මිලකට රජයේ අනුමත රා බෝතල් අලෙවි කල කාන්තාවක් (31) දින අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

දිපවාලි උත්සවය නිමිත්තෙන් (31) දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම මත්පැන් අලෙවිසැල් වසා දමා ඇති නිසා සැකකාර කාන්තාව පදිංචි බගවන්තලාව කර්කස්වොල් වතුයායේ ඇයගේ නිවස වෙත රා බෝතල් විශාල ප්‍රමාණයක් රැගෙන ගොස් වතු කම්කරුවන්ට අධික මිලකට අලෙවි කරමින් සිටින බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකාර කාන්තාව සහ අලෙවි කිරිමට සගවා තිබු රා බෝතල් 45 ක් අත්අඩංගුවට ගත් බවයි වැටලිම සිදු කල බගවන්තලාව පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද බගවන්තලාව පොලිසිය පැවසිය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here